Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 19:48:46 Hours

තොප්පිගල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තබයි

තොප්පිගල, ඉරලක්කුලම් හි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවයක් 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් බී.එම්.සී වන්නිනායක ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙනු ලබයි. නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය දීප ව්‍යාප්ත පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙනු ලබයි.