26th February 2024 15:16:11 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකායේ භටපිරිස් 2024 පෙබරවාරි මස 22 දින අරලගංවිල ප්‍රබෝධනී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී සහභාගී විය.
26th February 2024 12:19:15 පැය
යාපනය කන්කසන්තුරේ ඓතිහාසික මුත්තුමාරි අම්මාන් කෝවිලේ සාම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යය සහ පූජාව කන්කසන්තුරේ වෙරළ තීරයේදී 2024 පෙබරවාරි මස 24 දින පැවැත්විණි. යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භටපිරිස් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
25th February 2024 15:26:20 පැය
23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 22 දින වැලිකන්ද, මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී විය.
25th February 2024 15:20:49 පැය
561 පාබල බලසේනාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පුලියන්කුලම් ආයුර්වේද රෝහල සමඟ ඒකාබද්ධව පෙබරවාරි මස 22 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී පුලියන්කුලම්, කුරිසුද්දකුලම් ගම්මානයේ සිවිල් වැසියන් වෙනුවෙන් ‘සිද්ධා ආයුර්වේද’ නමින් වෛද්‍ය සායනයක් පැවැත්විණි.
22nd February 2024 11:35:31 පැය
12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඔක්කම්පිටිය ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
22nd February 2024 11:32:40 පැය
වළගම්බා ගිරිලෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ රවීන්ද්රාලංකාර හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව 17 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මීගහකිවුල, ජාතික විද්‍යාලයේ පැවති සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
20th February 2024 17:03:29 පැය
8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ ‘දොම්පේ සුරකිමු ශ්‍රී ලංකා බෞද්ධ සංගමය’ එක්ව සංවිධානය කරනු ලැබූ ‘තුරු කැපකරු රුක්රෝපණ’ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව ඔසු පැළ 500 ක් සිටුවීමේ රුක්රෝපණ ව්‍යාපෘතිය පලුගම, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ආරම්භ කරන ලදී.
20th February 2024 12:45:31 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය, උපදෙස් මත 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 16 දින නාවට්කුලි, ‘ලක්දරු’ පෙරපාසලේ දරු දැරියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
20th February 2024 12:40:44 පැය
521 පාබල බලසේනාවේ යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව සත්කොටෙයි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 17) දින එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එච්.ආර් ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත සිදු කරන ලදී.
19th February 2024 19:13:30 පැය
හපුතලේ ‘Melheim Resort’ හෝටලයේ රැඳීසිටි ජර්මනියේ සිට පැමිණි 76 හැවිරිදි සංචාරක ජෝසෆ් ෆෑනර් (Josef Pfanner) මහතා ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත. ඔහු 2024 පෙබරවාරි 14 බදාදා දින සන්ධ්‍යාවේ කොස්ලන්ද ප්‍රදේශයේදී අතුරුදහන් වී ඇති බැවින්, එතුමන් සොයාගැනීම සඳහා එම හෝටල් කාර්යය මණ්ඩලය විසින් යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටින ලදී.