22nd February 2024 11:32:40 Hours
වළගම්බා ගිරිලෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ රවීන්ද්‍රාලංකාර හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව 17 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මීගහකිවුල, ජාතික විද්‍යාලයේ පැවති සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
දෙදහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවයේ සංවිධාන කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.