20th February 2024 12:40:44 Hours
521 පාබල බලසේනාවේ යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව සත්කොටෙයි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 17) දින එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එච්.ආර් ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත සිදු කරන ලදී.
මෙම සමාජ සත්කාරක වැඩසටහනේ මූලික අරමුණ වනුයේ පරිසරය සංරක්ෂණය සඳහා ප්‍රජාවගේ වගකීම පිළිබඳ දැනුවත් කිරීම තුලින් අවට ප්‍රදේශය පිරිසිදුව පවත්වාගෙන යාමයි. ප්‍රජාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී, වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා පරිසරය සුරැකීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ ඇති වැදගත්කම යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.