Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2024 17:03:29 Hours

‘තුරු කැපකරු රුක්රෝපණ’ වැඩසටහන සඳහා 8 ශ්‍රී ලංකා පාබල හමුදාව සිය දායකත්වය ලබාදෙයි

8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ ‘දොම්පේ සුරකිමු ශ්‍රී ලංකා බෞද්ධ සංගමය’ එක්ව සංවිධානය කරනු ලැබූ ‘තුරු කැපකරු රුක්රෝපණ’ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව ඔසු පැළ 500 ක් සිටුවීමේ රුක්රෝපණ ව්‍යාපෘතිය පලුගම, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ‘එස් - ලෝන් ලංකා’ (S-Lon Lanka) පුද්ගලික සමාගම සහ ‘සිරස මාධ්‍ය ජාලය’ අනුග්‍රහකත්වය දැක්වීය. දොම්පේ ප්‍රදේශයේ ඔසු පැළ සිටුවීමේ ව්‍යාපෘතිය 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් වයි.ඩී.එන් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ සිදුකල අතර, ඒ සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ පාසල් සිසුන් ද සහභාගි වූහ.