28th February 2024 16:15:46 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සෙල්ලකතරගම ප්‍රදේශයේ දැඩි ආරථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින ආරම්භ කරන ලදී.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහ රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ විසින් නිවාස අවශ්‍යතා සහිත ආබාධිත පියෙකු ඇතුළු ඔහුගේ දරුවන් හය දෙනෙකු වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නව නිවසට මුල්ගල තබන ලදී.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සම්බන්ධීකරණයෙන් හා හිරෝෂ් ජයතිලක මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය උපයෝගී කරගනිමින් නව නිවස ඉදිකරනු ලබයි. ඉඳිකිරීමට නියමිත නව නිවස වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.