Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2024 17:11:22 Hours

61 පාබල සේනාංකයේ භටපිරිස් මාතර දිස්ත්‍රික්කයේ ලයචිකිත්සකාගාර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 12(ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පෙබරවාරි 20 දින සිට 22 දින දක්වා මාතර දිස්ත්‍රික්කයේ ලයචිකිත්සකාගාර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන ලදී.

භටපිරිස් විසින් වෛද්‍ය කාර්යය මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ලයචිකිත්සකාගාර ගොඩනැගිල්ල අවට පරිශ්‍රයද පිරිසිදු කරනු ලැබූහ. 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්ගේ උපදෙස් මත මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදු කරනු ලැබිණි.