03rd March 2024 17:17:00 Hours
5 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (මාර්තු මස 02) දින වැල්ලවාය, වරුණගම කන්දේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
යුද්ධ හමුදා නිලධාරියෙකු සමඟින් භටපිරිස් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වරුණගම කන්ද වනාන්තර ප්‍රදේශයේ අක්කර 17 ක් පුරා පැතිර ගිය මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.ඩී රොඩ්රිගෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත මෙම මෙහෙයුම සාර්ථකව සිදු කරන ලදී.