28th February 2024 16:16:41 Hours
9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සී.ඩී.පී ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සම්බන්ධීකරණයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය, මහවැලිගම ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් වන ළමුන් 90 දෙනෙකු වෙනුවෙන් ‘සිසු උදාන’ ඉතුරුම් ගිණුම් සහ පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින සංවිධානය කරන ලදී.
ත්‍රිකුණාමලය, මහජන බැංකුවේ අනුග්‍රාහකත්වය මත පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා 222 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජේ.පී.එන්.බී ජයසූරිය යූඑස්පී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ත්‍රිකුණාමලය මහජන බැංකුවේ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද එක්ව සිටියහ.