18th March 2024 14:37:08 Hours
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත, එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින යෞවන කුමාරපුර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙෙළන පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර, පරිත්‍යාගයන් සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ‘ඇෆිනිටි ෆවුන්ඩේෂන්’ (Affinity Foundation) සංවිධානයේ අධ්‍යක්‍ෂවරුන් වන දිනේෂ් ගාඩිආරච්චි සහ මයිකල් ඩේවිඩ් යන මහත්වරුන් විසින් ලබා දෙන ලදී.
එම උත්සව අවස්ථාවට වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, 122 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලය ද සහභාගී වූහ.