Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2024 17:31:56 Hours

12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මඩකලපුව/කල්කුඩා පෙරියවඩ්ඩුවාන් කන්නගි පාසල් පරිශ්‍රය පිරිසිදු කරයි

12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මඩකලපුව/කල්කුඩා පෙරියවඩ්ඩුවාන් කන්නගි පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේද සහභාගීත්වයෙන් 2024 මාර්තු මස 15 දින පවත්වන ලදී.

232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.පී.එස්. ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.වී.පී. හේරත් ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණි.