Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 15:50:50 Hours

බෝගස්වැව මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සාර්ථකව පැවැත්වීමට 11 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබාදෙයි

බෝගස්වැව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ආරාධනයකට අනුව 2024 මාර්තු මස 07 දින පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී විය.

එම පාසලේ පාසල් කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් සමඟ ඒකාබද්ධව 11 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම ක්‍රීඩා උළලේ සංවිධාන කටයුතු සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 563 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී. ජයතිලක ආර්එස්පී යූඑස්පී ඇතුළු යුද්ධ හමුදා සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බෝගස්වැව පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.