Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2024 18:18:23 Hours

‘Greater Hambanthota’ සංවර්ධන සැලැස්ම සඳහා ප්‍රගති සමාලෝචන සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්

‘Greater Hambanthota’ සැලැස්ම යටතේ හම්බන්තොට හා ඒ ආශ්‍රිත නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගති සමාලෝචන සහ ප්‍රධාන සැලැස්ම හඳුන්වාදීමේ වැඩසටහනක් 2024 ජුනි මස 12 දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන නගර සැලසුම්කරුවන් වන ‘සබ්හානා ජුරොන්ග් සිංගප්පූරු’ (පුද්ගලික) සමාගම (Sabhana Jurong Singapore) විසින් එම මූලික සැලැස්ම පැමිණ සිටි පිරිස වෙත ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.