Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2024 09:05:35 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් අම්බලන්තොට, කුඩාබෝලාන පංචශීල විද්‍යාල පරිශ්‍රය වෙත කඩා වැටීමට නියමිතව තිබූ ගසක් කපා ඉවත් කරයි

අම්බලන්තොට, කුඩාබෝලාන පංචශීල විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් වන පරිදි කඩා වැටීමට නියමිතව තිබූ ගසක් 2024 ජූනි මස 10 දින 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කපා ඉවත්කිරීමට කටයුතු කරනු ලැබූහ.

එම විද්‍යාලය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් මෙම ගස කපා ඉවත් කර සිසු සිසුවියන් 750 දෙනෙකුගේ ආරක්‍ෂාව තහවුරු කරනු ලැබීය. එම ගස ඉවත්කිරීමෙන් පසුව, කුඩාබෝලාන පංචශීල විද්‍යාලයේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබිණි.