Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2024 15:09:59 Hours

24 පාබල සේනාංකයේ භට පිරිස් බුද්ධංගල විහාර භූමිය පිරිසිදු කරේ

24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 'බුද්ධංගල විහාරස්ථානයේ' විහාර භූමියේ ගොඩගැසී ඇති අපද්‍රව්‍ය සහ කුණු ඉවත් කිරීමේ අරමුණින් ප්‍රජා ව්‍යාපෘතියක් සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය එළඹෙන පොසොන් පොහෝ දිනට සමඟාමීව 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 19 දින සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් අධීක්ෂණය කරන ලදී.

24 පාබල සේනාංකයේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් තිස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී විය. බැතිමතුන් හට විහාරස්ථානය වන්දනාමාන කිරීමට සහ භාවනා කිරීමට හැකිවන පරිදි භට පිරිස් විහාර භූමිය පිරිසිදු කරන ලදී.