20th June 2024 15:07:57 Hours
දකුණු පළාත තුළ ප්‍රමුඛතම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2024 ජූලි මස 02 සිට 22 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මොණරාගල දිස්ත්‍රික් ලේකම්, කතරගම දේවාලයේ බස්නායක නිලමේ සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 12 දින කිරිවෙහෙර පුදබිමේදී මෙම පෙරහැර පැවැත්වීම පිළිබඳ සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විණි.
යාල වනය ඔස්සේ කිලෝමීටර් 51 ක දුරකින් සමන්විත පාද යාත්‍රාවකින් මෙම පෙරහැර සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් කටයුතු කරනු ඇත. රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව එම බැතිමතුන් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුළු මූලික අවශ්‍යතා ද භටපිරිස් විසින් ලබාදෙනු ලබයි. මීට අමතරව, භටපිරිස් විසින් ආහාර පිසීම සඳහා පහසුකම් සැලසීමටත්, දින 12 ක් පුරාවට ‘දේවාල දන්සලක්’ පැවැත්වීම, ‘දේවාල පෙරහැර’ පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීම සහ සතියක් පුරා පැවැත්වෙන ‘කිරිවෙහෙර පිරිත්’ සඳහා සහයෝගය දැක්වීමට ද කටයුතු කරනු ලබයි.