24th June 2024 22:18:05 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් පොසොන් පොහොය දිනය යෙදී තිබූ ජුනි මස 21 දින වැලිකන්ද නගරයේදී කොස්, කඩල සහ මඤ්ඤොක්කා දන්සලක් පවත්වනු ලැබීය.
මෙම දන්සැල සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් නිර්මාණය කරන ලද අලංකාරවත් පොසොන් පහන් කූඩු හතරක් ද ප්‍රදර්ශනය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.