Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2024 07:54:13 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් බුද්ධංගල විහාරස්ථානයේදී ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සහ දානමය පිංකමක්

පොසොන් පොහොය දිනට සමගාමීව බුද්ධංගල විහාරස්ථානය මගින් එම විහාරස්ථාන පරිශ්‍රයේදී ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් 2024 ජුනි මස 21 සිට 23 දින දක්වා සංවිධානය කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම උත්සවය පවත්වන ලදී.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් 2024 ජූනි මස 22 දින මහජන ප්‍රදර්ශනය සඳහා වූ ධාතූන් වහන්සේලා තැන්පත් කරන ලදී. එම ප්‍රදර්ශනය අතරතුර වැඩම කර සිටි මහා සංඝරත්නය උදේසා දානය පිරිනැමූ අතර, පිංකම වෙනුවෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් සඳහා සිසිල් බීම දන්සැලක් ද සංවිධානය කර තිබුණි.