Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2024 15:10:43 Hours

12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් පාසල් සිසුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පීගේ මඟපෙන්වීම යටතේ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.වී.පී. හේරත් විසින් 2024 ජුනි මස 18 දින දිවා භෝජන සංග්‍රහයක් පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ලදී. පොසොන් පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව මුරුථාන ශ්‍රී මුරුගන් විද්‍යාල පරිශ්‍රයේදී මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරෙණි.

යුද්ධ හමුදාව සහ මහජනතාව අතර සහජීවනය සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලද අතර, මෙම ප්‍රජා වැඩසටහන සඳහා කිරාන් මුරුථාන ශ්‍රි මුරුගන් විද්‍යාලයේ සහ පොණ්ඩුකච්චේන ඝණපති විද්‍යාලයේ සිසුසිසුවියන්,ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසින් 450 පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිවි පි කාරියවසම් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සෙසු නිලයන් සහ විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.