Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2024 22:10:33 Hours

241 පාබල බලසේනාවේ භටපිරිස් ශ්‍රී විජයාරාම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරයි

ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබා දුන්හ. 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත සිදුකෙරුණු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අක්කරෙයිපත්තුව වෙළද සංගමයේ සභාපති ඒ අබ්දුල් සලාම් මහතා මුල්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්හ.

මෙම විහාරස්ථානයේ දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකරව තිබූ වළාකුළු බැම්ම අලුත්වැඩියා කිරීමේ සහ පන්සල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජුනි මස 14, 15, සහ 16 යන දිනයන්හිදී සිදු කරන ලදී.