Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2024 21:36:55 Hours

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් බෝධි පූජා පිංකමක් සහ දන්සැලක් පවත්වයි

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නීත්ත ශෛලතලාරාම විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් පවත්වන ලද අතර, එම පිංකමට සමගාමීව ඒකක මූලස්ථානය ඉදිරිපිට පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් සහ කොත්තමල්ලි බීම දන්සැලක් ද පැවැත්වූහ.