26th June 2024 21:43:06 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කනගරායන්කුලම් විහාරස්ථාන පරිශ්‍රයේ දී 2024 ජුනි මස 21 සහ 22 යන දිනයන්හිදී පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී.
පූජ්‍ය ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස මහා නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පොසොන් කලාපයේ පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක්, බැති ගී ප්‍රසංගයක් සහ බත් දන්සලක් ද පැවැත්විණි.
පොසොන් කලාපය සාර්ථකව පැවැත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමික නායකයින්, හිතවතුන් සහ ප්‍රදේශවාසීන් කැපවීමෙන් සහයෝගය ලබාදුන්හ.