Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2024 21:48:53 Hours

54 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මන්නාරම පොසොන් සාම කලාපය 2024 පවත්වයි

පොසොන් පොහොය වෙනුවෙන් පවත්වනු ලැබූ මන්නාරම පොසොන් සාම කලාපය තල්අඩි හන්දිය අසලදී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2024 ජුනි මස 21 දින සිට 23 දින දක්වා පැවැත්වීය.

තෙදිනක් පුරා පැවැති මෙම පොසොන් කලාපයේ අලංකාරවත් පොසොන් පහන් කූඩු, මිහින්තලේ අනුරුවක්, බැති ගී ප්‍රසංග සහ පොසොන් දන්සලක් දක්නට ලැබුණු අතර, ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.