15th October 2024 11:26:19 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ජනසෙත ආයතනයේ ගරු තුසිත ප්‍රියංග පියතුමන් ඇතුළු නියෝජිත කණ්ඩායමේ සහයෝගය මත 2024 ඔක්තෝබර් මස 08 දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරු පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහනේදී පැළ 300 කට අධික සංඛ්‍යාවක් සිවිල් වැසියන් වෙත බෙදාදෙනු ලැබීය.
14th October 2024 16:41:53 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා භටපිරිස් යොදවා ඇත. ගංගා පිටාර ගැලීම හේතුවෙන් දිවයින පුරා ගංවතුර තත්ත්වයන් හටගැනීමෙන් අවතැන් වූවන්ට අත්‍යවශ්‍ය සහන සේවා සැලසීමට යුද්ධ හමුදාව වෙතින් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලබයි. මෙම ක්‍රියාන්විතයට සමගාමීව, මුදවාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවල නිරත වන භටපිරිස් සංඛ්‍යාව වැඩි කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 1 බලකායේ බලකාධිපතිතුමන් සහ සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
14th October 2024 16:36:19 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය භටපිරිස් අම්පාර දමන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
14th October 2024 16:33:32 පැය
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 11 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් 06 දින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
14th October 2024 14:57:56 පැය
ලෝක ළමා දිනයට සමගාමීව 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 ඔක්තෝම්බර් මස 01 දින පණ්ඩිරිප්පු ‘Vision Hope’ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
14th October 2024 09:05:40 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ අදියරක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව චාවකච්චේරි බටහිර, නුනාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
13th October 2024 19:07:31 පැය
11 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 12 දින සිල්වර් ක්‍රොස් වෛද්‍ය මධ්‍යස්ථානය හා දිගන ප්‍රජා සංගමය සමඟ සම්බන්ධීකරණය වෙමින් ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
13th October 2024 19:06:36 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 553 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 10 දින ධර්මපුරම් රෝහලේදී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
13th October 2024 19:01:53 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව තිස්සමහාරාම, රණකෙළිය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ නිවසක් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
13th October 2024 18:59:25 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ එක් අදියරක් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව චාවකච්චේරි බටහිර, නුනාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සුරතින් 2024 ඔක්තෝබර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.