13th October 2024 18:59:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ එක් අදියරක් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව චාවකච්චේරි බටහිර, නුනාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සුරතින් 2024 ඔක්තෝබර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
උත්සවය අතරතුරදී, ආගමික වතාවත් මධ්‍යයේ සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් නිවාසලාභීන් වෙත නව නිවසේ යතුරු භාරදෙනු ලැබීය. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය හා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එම්.සී.එ්.එස්. සමරතුංග ආර්එස්පී ගේ අධීක්ෂණය මත 11 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ එම ප්‍රදේශයේ වැසියන් රැසක් එක්ව සිටියහ.