23rd October 2024 15:27:32 පැය
591 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2024 ඔක්තෝබර් මස 10 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත මෙම ව්‍යාපෘතිය පැවැත්විණි.
23rd October 2024 15:23:02 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝබර් මස 17 සිට 19 දින දක්වා 22 පාබල සේනාංක මූලස්ථානයේදී කෘත්‍රිම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
23rd October 2024 15:16:08 පැය
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 07 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
23rd October 2024 15:14:58 පැය
211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තොම්බර් මස 17 දිනට යෙදෙන වප් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව එම බලසේනාව වෙතින් රුවන්වැලි මහා සෑ පුදබිමේදී කිරිබත් දන්සලක් පැවැත්වීය.
22nd October 2024 14:23:16 පැය
20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 20 දින මොණරාගල, බඩල්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල් පරිශ්‍රයේදී පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
20th October 2024 22:51:02 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් මාතලේ, කලල්පිටිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස 2024 ඔක්තෝබර් මස 19 දින ප්‍රථිලාභීන් වෙත භාරදෙන ලදී.
20th October 2024 06:40:30 පැය
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ සාම්ප්‍රදායික කඨින පූජාව එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 18 සහ 19 යන දෙදින තුළ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
19th October 2024 07:37:16 පැය
56 පාබල සේනාංකය, නැවත පදිංචි කිරීම් සහ පුනරුද සංවිධානය හා අලාකා පදනම සමඟින් එක්ව 2024 ඔක්තෝබර් මස 16 දින පන්රිකේතකුලම් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
18th October 2024 21:54:59 පැය
56 සේනාංකයේ 27 වන සංවත්සරයට සමගාමීව, එම සේනාංක බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 සැප්තැම්බර් මස 12 දින සුබසාධන වැඩසටහනක් ආරම්භ කරන ලදී.
18th October 2024 21:41:44 පැය
කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් 2024 ඔක්තෝබර් මස 16 දින පලෛයි ප්‍රාථමික රෝහලේ සිට පලෛයි, පච්චා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පිළිකා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් සංවිධානය කරන ලදී.