Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2024 16:41:53 Hours

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අතිරේක භටපිරිස් යොදවයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා භටපිරිස් යොදවා ඇත. ගංගා පිටාර ගැලීම හේතුවෙන් දිවයින පුරා ගංවතුර තත්ත්වයන් හටගැනීමෙන් අවතැන් වූවන්ට අත්‍යවශ්‍ය සහන සේවා සැලසීමට යුද්ධ හමුදාව වෙතින් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලබයි. මෙම ක්‍රියාන්විතයට සමගාමීව, මුදවාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවල නිරත වන භටපිරිස් සංඛ්‍යාව වැඩි කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 1 බලකායේ බලකාධිපතිතුමන් සහ සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සහන සැලසීමේ කටයුතු සඳහා භටපිරිස් පහත සඳහන් ස්ථානවලට යොදවා ඇත:

- මල්වාන - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් (බෝට්ටුවක් සමඟින්)

- කටුගොඩ - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක්

- වටරැක - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් (බෝට්ටුවක් සමඟින්)

- සීතාවක - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක්

- මීතොටමුල්ල - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායම් දෙකක් (යුනිබෆල් රථ 04 ක් සමඟින්)

- කොලොන්නාව - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් (ironhorse රථ 02 ක් සමඟින්)

- නවගමුව - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් (බෝට්ටු 02 ක් සමඟින්)

- පැළවත්ත - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් (යුනිබෆල් රථයක් සමඟින්)

- යටදොලවත්ත - යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් (යුනිබෆල් රථයක් සමඟින්)

මීට අමතරව, WMZ රථ 23 ක්, යුනිබෆල් සහ යුනිකෝන් රථ 34 ක් සහ බෝට්ටු 56 ක් සමඟින් යුද්ධ හමුදා භටපිරිස් 6500 දෙනෙකු ගංවතුර අවධානම සහිත කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි හදිසි තත්ත්වයන් ඇතිවුවහොත් යෙදවීම සදහා සූදානම් කර තිබේ.