10th October 2024 15:46:58 පැය
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින විශේෂ උත්සවයක් පැවැත්විණි.
10th October 2024 15:42:35 පැය
75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 04 දින සාලියපුර සතුට ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
09th October 2024 22:27:41 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් 512 පාබල බලසේනාව විසින් 2024 ඔක්තෝබර් මස 4 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
09th October 2024 17:37:12 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 07 දින කන්කසන්තුරේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
09th October 2024 15:15:30 පැය
12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඊරාලක්කුලම්, සිත්තංඩි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 07 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.
09th October 2024 12:18:26 පැය
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 02 දින කාක්යන්කුලම් ප්‍රජා ශාලාවේදී ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
09th October 2024 12:08:06 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 07 දින මාතලේ, බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
09th October 2024 09:23:03 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 05 සහ 06 දෙදින තුළ 3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රමදාන ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබීය.
07th October 2024 17:03:57 පැය
12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්හී මූලිකත්වයෙන් අලවකුඹුර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 04 දින පැවති උත්සවයකදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.
07th October 2024 17:01:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 563 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්.කේ.ඩී.පී.පී.කේ කංකානම්ගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 05 දින ඕමන්තෙ, නවතාකුලම් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නිවසක් ඉදිකර දෙනු ලැබීය.