Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2024 19:01:53 Hours

රණකෙළිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව තිස්සමහාරාම, රණකෙළිය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ නිවසක් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

චන්ද්‍රානි ජයසූරිය මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය හා 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. 122 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 12 බලඇණිය අණදෙන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘතිය නිමකිරීමට කටයුතු කරනු ලැබීය.

මෙම සමාරම්භක උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන්, නිවාසලාභී පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් උත්සවය සමාප්තියේ සේනාංකාධිපතිතුමන්, නිවාසලාභී පවුලේ සාමාජිකයන් සහ ආරාධිත අමුත්තන් සමූහ ඡායාරූපයකට ද සහභාගී වූහ.