18th October 2024 21:12:45 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ලෙස, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 16 සහ 17 යන දිනයන්හිදී පරන්තන් සහ කිලිනොච්චි ප්‍රදේශයේ නව නිවාස තුනක් නිවාස ලාභීන් වෙත ප්‍රධානය කරන ලදී.
18th October 2024 18:37:58 පැය
21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ දෘශ්‍යාබාධිත පාසල් සිසුන් තිදෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 09 දින 212 පාබල බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
18th October 2024 18:33:39 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 10 දින J/ 328, කොඩිකාමම් දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.
18th October 2024 13:40:19 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 641 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කිරලගොල්ල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
16th October 2024 19:10:10 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර, තිසාවැව බටහිර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ඔවුන්ගේ එම නිවස ප්‍රතිසංස්කරණය කර දෙන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද නිවස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 15 දින නිවාස ලාභීන් වෙත පවරා දෙනු ලැබීය. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භඨකාර්ය සම්පාදන ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් පීටීඑස්සී ගේ මගපෙන්වීම මත 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.එස්.ජේ බණ්ඩාර ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.
16th October 2024 19:04:23 පැය
රාජකීය විද්‍යාලයීය රතු කුරුස සංගමය විසින් 2024 ඔක්තෝබර් මස 12 දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් ලේ බැංකුවේ දී සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගී වූහ.
15th October 2024 20:54:24 පැය
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින ගංවතුරින් අවතැන්ව වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ කොටුවිල ගාමිණී විද්‍යාලය යන ස්ථානයන්හි පිහිටුවා ඇති මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයින්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම ස්ථානයන්හි සංචාරයක නිරතවිය.
15th October 2024 20:38:32 පැය
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 11 දින පූවරසන්කුලම් මහා විද්‍යාලයේ පැවති සංස්කෘතික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
15th October 2024 12:40:27 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 10 දින 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් විනයාගර් පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 18 දෙනෙකු වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමිණි. 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්.ජී.ටී.ජේ. හපුරුගල ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
15th October 2024 12:39:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 2024 ඔක්තෝම්බර් මස 10 දින කිලිනොච්චිය, උර්තිරපුරම් අරෝබනම් ළමා නිවාසයේ නේවාසික ළමුන් 35 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිණැමීය.