06th October 2024 14:09:00 පැය
ලෝක ළමා දිනය 2024 සැමරීම නිමිත්තෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර උපදෙස් පරිදි 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආරඒස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2024 ඔක්තෝම්බර් මස 1 දින පරණමැදවච්චිය විද්‍යාලයේ සිසුන් 77 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.
06th October 2024 14:02:35 පැය
9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදව විසින් සංවිධානය කරන ලද අංක 01–2024 දමිළ භාෂා පාඨමාලා සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 1 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ නෙළුම් වැව මහා විද්‍යාලයේ සිසුන් 178 දෙනෙකු සඳහා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංගේ ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.
06th October 2024 09:20:36 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ එම පාබල සේනාංකය විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 4 දින සේනාංක මුලස්ථානයේදී සංවිධානය කරන ලදී.
05th October 2024 17:30:11 පැය
212 පාබල බලසේනාව විසින් 2024 සැප්තැම්බර් මස 30 දින ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
05th October 2024 17:27:27 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස්, ප්‍රාදේශීය අධ්යක්ෂ සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ නගර සභා නිලධාරීන් සමඟ එක්ව, 2024 සැප්තැම්බර් මස 30 දින, අනුරාධපුර, බසවක්කුලම ජලාශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
04th October 2024 18:45:08 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස්මත 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී. වෙලගෙදර යූඑස්පී අයිජී ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 02 දින රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
04th October 2024 18:37:33 පැය
242 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය නිමිත්තෙන් 2024 ඔක්තෝබර් මස 01 දින ශ්රීවල්ලිපුරම් හි මෙසියා පෙර පාසලේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
03rd October 2024 17:17:23 පැය
2024 ඔක්තෝම්බර් මස 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්. ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදාව එක්ව නිට්ටඹුව විහාර මහා දේවි පෙර පාසලේ ළමුන් 40 දෙනෙකු සහ සියඹලාපේ ඉසුරු ළමා නිවාසයේ ළමුන් 24 දෙනෙකු දිවා භෝජන සංග්‍රහයක් පිරිනමා අධ්‍යාපනික ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
03rd October 2024 17:12:09 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් 2024 ඔක්තෝබර් මස 02 දින වවුනියාව වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 100 දෙනෙකු සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
03rd October 2024 15:53:48 පැය
12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සින්නවලයන්කඩ්ඩු ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා ඉදිකර දෙනු ලැබූ නව නිවස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 ඔක්තෝම්බර් මස 02 දින නිල වශයෙන් එම ප්‍රතිලාභී පවුල වෙත පවරා දෙන ලදී.