13th October 2024 19:07:31 Hours
11 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 12 දින සිල්වර් ක්‍රොස් වෛද්‍ය මධ්‍යස්ථානය හා දිගන ප්‍රජා සංගමය සමඟ සම්බන්ධීකරණය වෙමින් ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මහනුවර ජාතික මහ රෝහල් රුධිර බැංකුවේ වෛද්‍ය කණ්ඩායමක් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් අතර, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.