03rd November 2024 17:59:37 පැය
මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 24 පාබල සේනාංකය වෙතින් ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත අම්/ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
01st November 2024 15:08:41 පැය
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 19 සහ 20 දෙදින තුළ මන්නාරම, මාතොට රජමහා විහාරස්ථානයේ කඨින මහා පිංකමේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.
29th October 2024 14:56:28 පැය
ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන්ගේ මඟපෙන්වීම මත යාපනය, ශ්‍රී නාග විහාරස්ථානයේ සාම්ප්‍රදායික කඨින පූජෝත්සවය 51 පාබල සේනාංකයේ සහයෝගය මත 2024 ඔක්තෝම්බර් මස 26 සහ 27 දෙදින තුළ පැවැත්විණි.
28th October 2024 15:50:26 පැය
යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය අංශය, යුද්ධ හමුදා මුලික රෝහල - පලාලි එක්ව අක්ෂි රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 14 දින සිට 25 දින දක්වා යාපනය ශික්ෂණ රෝහලේදී පවත්වන ලදී. මෙම සමාජ සත්කාරක වැඩසටහනේදී වෛද්‍ය එම්. මලරාවන් සහ උපදේශක අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ මගපෙන්වීම යටතේ උතුරු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අක්ෂි රෝගීන් වෙනුවෙන් නොමිලේ, උසස් තත්ත්වයේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2,000 කට අධික ප්‍රමාණයක් සිදුකරන ලදී.
28th October 2024 13:36:29 පැය
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් යටියන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
27th October 2024 14:02:28 පැය
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මාතර තුඩාව ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභීන් වෙත පවරාදීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 23 දින පැවැත්විණි.
26th October 2024 22:56:02 පැය
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ හානිවූ කුඩාරිවත්තකුලම් වැව් බැම්ම 10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 24 දින ප්‍රතිසංස්කරණය කරන ලදී. 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 541 පාබල බලසේනාවේ බළසේනාධිපතිගේ මඟපෙන්වීම සහ 10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ පැය කිහිපයක් ඇතුළත වැලිකොට්ට අතුරා සිදුවීමට ගිය හනිය වාලක්වා ගන්නා ලදී.
25th October 2024 14:48:38 පැය
නාවට්කුලිය, ශ්‍රී සමුද්ධි සුමන් විහාරස්ථානයේ කඨින පිංකම 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ උපදෙස් මත 523 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.එම්.සී.ඒ.එස් සමරතුංග ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ ඔක්තෝබර් මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්විණි.
24th October 2024 19:10:01 පැය
144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව 10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 10 දින බත්තරමුල්ල නාගරික වැඩිහිටි හා ළමා නිවාස පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වීය.
23rd October 2024 15:31:42 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පම්පෙයිමඩු ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 19 දින එම නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.