03rd October 2024 15:47:50 පැය
2024 ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංකයේ සංවිධානයෙන් මේජර් අමිත් පුෂ්පකුමාර ආර්එස්පී ගේ සම්බන්ධීකරණයෙන් සහ කළුතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ (ඕස්ට්‍රේලියානු ශාඛාවේ) අනුග්‍රාහකත්වය ඇතිව හෙලගම ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
03rd October 2024 15:36:18 පැය
222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ගේ උපදෙස් මත 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 25 දින ශ්‍රී සිත්තර වේලායුදම් ස්වාමි කෝවිල පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
02nd October 2024 19:42:08 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් වත්තල ප්‍රීතිපුර ළමා නිවහනේදී 2024 සැප්තැම්බර් මස 26 දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. එහිදී තේ පැන් සංග්‍රහයක් හා විනෝදාස්වාද වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.
01st October 2024 15:20:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් 3 කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් දේශීය අධ්‍යාපනයට සහය දැක්වීමේ සුවිශේෂී පියවරක් ලෙස වවුනියා පුනෑව ප්‍රදේශයේ පිහිටි ව/ කලුකුන්නම්මඩුව රජයේ පාසල ප්‍රතිසංස්කරණය කරන ලදී.
30th September 2024 17:55:56 පැය
16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් කරප්පකුට්ටි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 24 දින සාර්ථකව අවසන් කෙරිණි. නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් නිවාසලාභීන් වෙත නව නිවසේ යතුරු ප්රදානය කරනු ලැබීය.
30th September 2024 17:50:43 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 28 දින අක්කරපත්තුව, පාලමුනේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
30th September 2024 17:47:42 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත යාපනය ශික්ෂණ රෝහල් රුධිර බැංකුව සමඟ ඒකාබද්ධව පලාලි යුද්ධ හමුදා මූලික රෝහල වෙතින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
30th September 2024 17:45:50 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත අම්පාර කොක්නහර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 78 දෙනෙකු වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 26 දින නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි. වත්මන් ලෝකය තුළ ඵලදායි නායකත්වයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කුසලතා, සාරධර්ම සහ ඉදිරි දර්ශනවලින් තරුණ මනස සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීය.
30th September 2024 17:45:42 පැය
10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ජේ/432 වෙත්තලකේනි ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ අවශ්‍යතා සහිත රැකියා විරහිත පවුල් හතක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 25 දින ක්‍රියාත්මක කරනු ලැබීය. 10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එච්. සුදසිංහ ගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
29th September 2024 20:39:25 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් 543 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සමඟින් එක්ව 2024 සැප්තැම්බර් මස 28 දින මන්නාරම පේසාලේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.