14th October 2024 09:05:40 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ අදියරක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව චාවකච්චේරි බටහිර, නුනාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
ආගමික ආශිර්වාද මධ්‍යයේ පැවති උත්සවයේදී සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් නව නිවස නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එම්.සී.ඒ.එස්. සමරතුංග ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 11 බලඇණිය ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ වැසියන් එක්ව සිටියහ.