11th May 2023 18:37:47 පැය
බූස්ස පිහිටි 61 පාබල සේනාංක මූලස්ථානය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් සමඟින් එක්ව පසුගිය සිකුරාදා (05) දින ‘බත්’දන්සැලක් සහ වෙසක් කලාපයක් පවත්වනු ලැබූහ.
11th May 2023 18:33:48 පැය
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත එම සේනාංකයේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දින (මැයි මස 05) එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පුණ්‍ය වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.
10th May 2023 17:45:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සේනාංකවල සහයෝගය ඇතිව 51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
10th May 2023 17:38:04 පැය
පූජ්‍ය අරලංගවිල වජිරා ධම්මදීප මෙහෙණින් වහන්සේගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකායේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් මෙහෙණි ආරාමයක් ඉදිකරනු ලැබීය.
10th May 2023 17:32:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු, විචිත්‍රවත් තොරණක් සහ විවිධ සැරසිලිවලින් සමන්විත වෙසක් කලාපයක් ඉදිකරනු ලැබීය.
10th May 2023 17:27:46 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවේ සහ 7 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙසක් පුර පසලොක්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය 4 (බ්‍රහස්පතින්දා) දින වැඩසටහන් මාලාවක් පැවැත්වීය.
10th May 2023 17:21:40 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් කලාපය විශේෂාංග කිහිපයක් සමඟින් මැයි මස 5 දින සිට 7 දින දක්වා පැවැත්විණි.
10th May 2023 17:15:57 පැය
කුරුවිට, එක්නැළිගොඩ විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන් සහ උපාධි අපේක්ෂකයන්ගේ ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූස්ථානයේ භටපිරිස් එම විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (මැයි මස 03) දින විද්‍යාල බලධාරින් වෙත භාරදුන්හ.
10th May 2023 17:11:39 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහයෝගයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය වෙතින් මැයි මස 04 දින පැවැත්වූ ලේ දන්දීමේ කඳවුරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
10th May 2023 17:07:23 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් වෙසක් පොහොය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා (මැයි 05) දින මුලතිව්, සුගන්දිපුරම් හි පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් පවුලක 15 හැවිරිදි ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.