Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2023 17:27:46 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් වෙසක් උත්සව සැමරුමට දායක වෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවේ සහ 7 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙසක් පුර පසලොක්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය 4 (බ්‍රහස්පතින්දා) දින වැඩසටහන් මාලාවක් පැවැත්වීය. එහිදී 142 පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් තිඹිරිගස්යාය ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟින් එක්ව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයක වෙසක් සැරසිලි කටයුතුවල නිරත වූ අතර, 7 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබූහ.

142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ භටපිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟින් එක්ව වෙසක් පොහෝ දිනට පෙර බොරැල්ල සිට නුගේගොඩ දක්වා දිවෙන මාර්ගය දෙපස බෞද්ධ කොඩිවලින් සහ පහන් කූඩුවලින් සරසන ලදී.

61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් මාතර ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව 2023 මැයි මස 04 දින මාතර මිගදාය විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වූහ. මෙම වැඩසටහන 613 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමීව 141 පාබල බලසේනාවට අයත් 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් 2023 මැයි මස 05 දින වෙසක් උත්සවය නැරඹීමට එන බැතිමතුන් සඳහා වේයන්ගොඩ පිහිටි කඳවුරු පරිශ්‍රය අසලදී ‘මඤ්ඤොක්කා දන්සලක්’ පැවැත්වූහ.

මෙම ව්‍යාපෘතිය 142 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත පවත්වන ලදී.

16 ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයින්ගේ දායකත්වය මත 2023 මැයි මස 05 දින පුත්තලම, සෙල්ලකන්දවත්ත ප්‍රදේශයේ පිහිටි 143 බලසේනා මූලස්ථාන පරිශ්‍රය අසලදී බත් දන්සැලක් සංවිධානය කරන ලදී. මෙම පුණ්‍ය ව්‍යාපෘතිය එම ඒකකයන්හි අණදෙන නිලධාරීන්ගේ සහ 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්‍ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් සහ 14 හා 61 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන් පැවැත්විණි.