12th May 2023 18:27:38 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් නගරයේ අලංකාරවත් වෙසක් කලාපයක් සංවිධානය කර තිබූ අතර, එම වෙසක් කලාපය 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් වෙසක් පොහෝ දින (05) විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.
12th May 2023 18:23:36 පැය
231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 23 වන පාබල සේනාංකයේ සහ 231 පාබල බලසේනාවේ භටපිරිස් එක්ව මඩකලපුව, ‘Little Sisters of the Poor Elders’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා පසුගිය සඳුදා (08) දින දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
12th May 2023 18:19:47 පැය
වෙසක් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලය භට කාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඹ් ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (05) දින එම පුහුණු පාසල් පරිශ්‍රය තුළ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
12th May 2023 17:53:46 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් (මැයි 05) දොඹගොඩ මංසන්ධියේදී ඔසු පැන් දන්සැලක් පවත්වනු ලැබීය.
11th May 2023 19:23:10 පැය
අස්ගිරිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමිපාණන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ භටපිරිස් මාතලේ, මාතලපිටිය විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
11th May 2023 19:15:55 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකය යටතේ ඇති 211 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (9) දින අනුරාධපුර මැදවච්චිය කරාපික්කඩ, ධම්මදීප ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පාසල් බෑග් පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය ‘Aust grow International’ පුද්ගලික ආයතනය සහ රෝසි ටියුරින් මැතිණිය විසින් දක්වන ලදී.
11th May 2023 19:04:30 පැය
කුරුණෑගල හෙරලියාවල ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් එක්ව මැයි මස 5 සිට 8 දක්වා වෙසක් පහන් කූඩු සහ විදුලි ආලෝකකරණයන්ගෙන් හෙරලියාවල කඳවුරු පරිශ්‍රය ආලෝකවත් කරන ලදී.
11th May 2023 18:52:12 පැය
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 24 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස්, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සමගින් එක්ව අම්පාර ප්‍රදේශයේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් වෙසක් උත්සවයක් පසුගිය සිකුරාදා (05) දින පවත්වනු ලැබූහ.
11th May 2023 18:49:05 පැය
වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව වෙතින් පසුගිය ඉරිදා (මැයි මස 7) දින පාදුක්ක, වටරැක ‘සංහිඳ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ලබාදුන්හ.
11th May 2023 18:43:17 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයේ 144 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී කොඩිතුවක්කු ලබාදුන් උපදෙස් මත රාජගිරිය ‘ගැලවීමේ හමුදා වැඩිහිටි නිවාසයේ’ නේවාසිකව සිටින වැඩිහිටියන් 45 දෙනෙකු සහ ළමුන් 30 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පිරිනමන ලදී.