15th May 2023 18:35:48 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් අනුග්‍රාහක භවතුන්ගේ සහයෝගය ඇතිව යාපනය අර්ධද්වීපයේ අච්චුවේලි, වල්ලෙයි සහ ඌරික්කාඩු ප්‍රදේශවල ජීවත් වන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් මැයි මස 12 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
15th May 2023 18:31:56 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 පාබල සේනාංකයට අයත් 573 පාබල බලසේනාවේ භටපිරිස් 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟින් එක්ව මාන්කුලම් ශ්‍රී සුගත විහාරස්ථානයේ චෛත්‍යය, බුදු මැදුර, වලාකුළු බැම්ම සහ ඝණ්ඨාර කුළුණ ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කර වෙසක් පුර පසළොස්වක පොහෝ දින (මැයි මස 05) බැතිමතුන් වෙනුවෙන් විවෘත කරන ලදී.
15th May 2023 18:25:13 පැය
551 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පෝය දිනයට සමගාමීව කරවෙඩ්ඩි ප්‍රදේශයේ වතිරි හි ශ්‍රී පරමානන්ද ළමා සහ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ළමයින් 35 දෙනෙකු සහ වැඩිහිටියන් 10 දෙනෙකු වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (13) දින විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
12th May 2023 18:43:23 පැය
යුද්ධ හමුදාවේ අධිවිනිසුරු අධිනීතීඥ ජෙනරාල් බ්‍රිගේඩියර් ආර්.ඩී.ඕ පතිරණගේ ප්රමුඛ පරිත්‍යාගශීලීන් කණ්ඩායමක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මොණරාගල, ගෝණගංආර ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ජල පිරිපහදු ස්ථානයක් ඉදිකර දී ප්‍රදේශයේ ආර්ථික...
12th May 2023 18:37:38 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන පාබල සේනාංකයේ 562 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් වවුනියාව, පෙරියවලයන්කඩ්ඩු ප්‍රදේශයේ සින්නවලයන්කඩ්ඩු පාසලේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කර මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පවුල්වල පාසල් සිසුසිසුවියන් 40 දෙනෙකු වෙත පාසල් පාවහන් තොගයක් ප්රදානය කරන ලදී.
12th May 2023 18:36:38 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සමඟින් එක්ව පල්ලෙකැලේ 11 වන පාබල සේනාංක කඳවුරු පරිශ්‍රයේ දී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එස්ඩීයූ ගේ උපදෙස් මත පසුගිය සඳුදා (05) දින විචිත්‍රවත් වෙසක් කලාපයක් සංවිධානය කරන ලදී.
12th May 2023 18:35:38 පැය
23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනාවේ භටපිරිස්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මඩකලපුව පොලිස් ස්ථානය සමඟ එක්ව සිංහල - දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 30 (ඉරිදා) දින මඩකලපුව නගරයේ වෙබර් ක්‍රීඩාංගනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී.
12th May 2023 18:34:35 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ 17 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එල්.ඒ.එම්.එල්.ඩබ්ලිව් බණ්ඩාර ගේ මගපෙන්වීම යටතේ වෙසක් පොහෝ දිනය (මැයි 05) වෙනුවෙන් එදින උදෑසන නැදුන්කර්නි - මුල්ලියාවේලී ප්‍රධාන මාර්ගයේ තණ්ඩුවන් හන්දිය අසල සිසිල් බීම දන්සැලක් පවත්වනු ලැබීය.
12th May 2023 18:34:31 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 552 පාබල බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය අඟහරුවාදා (09) දින අලිමංකඩ ප්‍රදේශය පසුකරමින් ‘කතරගම පාද යාත්‍රාවේ’ යෙදෙන බැතිමතුන් වෙත ආහාරපාන සහ වෛද්‍ය ප්‍රතිකාර පිරිනමන ලදී.
12th May 2023 18:31:21 පැය
පවතින අධික වර්ෂාව හේතුවෙන් පනන්වල නගරය අසල පූගොඩ - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ වැටී තිබූ විශාල ‘නුග’ ගසක් ඉවත් කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 14 පාබල සේනාංකයේ 141 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී කටයුතු කළහ.