Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2023 17:38:04 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මෙහෙණි ආරාමයක් ඉදිකෙරේ

පූජ්‍ය අරලංගවිල වජිරා ධම්මදීප මෙහෙණින් වහන්සේගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකායේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් මෙහෙණි ආරාමයක් ඉදිකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත වෙසක් පුර පසලොස්වක පුන් පොහොය දිනය නිමිත්තෙන් ඉදිකරනු ලැබූ මෙම ‘පාරමී දම්’ මෙහෙණි ආරාමය විහාරාධිපති තෙරණියගේ ප්‍රධානත්වයෙන් මැයි මස 06 දින පැවති කෙටි උත්සවයකදී විවෘත කර මෙහෙණින් වහන්සේලා වෙත පූජා කරන ලදී.

සීමාසහිත මනම්පිටිය මෝටර්ස් සමාගමේ සභාපති අශෝක පලන්සූරිය මහතා ගේ මූල්‍ය ආධාර මත භටපිරිස් විසින් මෙම මෙහෙණි ආරාමය ඉදිකරනු ලැබීය‍. 12 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ආර්.ඒ.එස්.එල්. රණසිංහ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි මේජර් කේ.වී.ඒ කොඩිකාර ගේ අධීක්‍ෂණය මත එම ඒකකයන්හි භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැණුම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාදුන්හ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමඟින් අශෝක පලන්සූරිය මහතා සහභාගී වූහ.

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් එච්.එස්.පී.සී හල්පගේ, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.