11th May 2023 18:37:47 Hours
බූස්ස පිහිටි 61 පාබල සේනාංක මූලස්ථානය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් සමඟින් එක්ව පසුගිය සිකුරාදා (05) දින ‘බත්’දන්සැලක් සහ වෙසක් කලාපයක් පවත්වනු ලැබූහ.
භටපිරිස් විසින් එම අවස්ථාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලක් පැවැත්වූ අතර, එදින සන්ද්‍යාවේදී 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් සමඟින් වෙසක් කලාපය විවෘත කරනු ලැබිණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම යටතේ පවත්වනු ලැබු මෙම වැඩසටහන කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි ගමන් ගත් බැතිමතුන්ගේ ප්‍රසාදයට ලක් විය.