11th May 2023 18:33:48 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත එම සේනාංකයේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දින (මැයි මස 05) එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පුණ්‍ය වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.
එහිදී, සෙවනපිටිය සුසිරිගම සාම විහාරාධිපති සුසිරිගම සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බෝධි පූජාවක් සහ ධර්ම දේශනාවක් පවත්වමින් දිවංගත රණවිරුවන් සහ වෙනුවෙන් පිං අනුමෝදන් කර ආබාධිත රණවිරුවන්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද එක්කරන ලදී.
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය අසළ කඳවුරු පරිශ්‍රය අසළදී ‘සව් දන්සැලක්’ සංවිධානය කර තිබූ අතර ඒ සඳහා පූනානි ප්‍රදේශය ආශ්‍රිත ගම්මානවල 2000 කට අධික ජනතාවක් සහ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් බැතිමතුන් පිරිසක් ද සහභාගී වූහ. එදින සන්ධ්‍යාවේ එම පරිශ්‍රයේ දැවැන්ත හා වර්ණවත් වෙසක් පහන් කූඩුවක් ප්‍රදර්ශනය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.