Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2023 17:15:57 Hours

ගැමුණු හේවා බලකායේ භටපිරිස් කුරුවිට එක්නැළිගොඩ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරයි

කුරුවිට, එක්නැළිගොඩ විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන් සහ උපාධි අපේක්‍ෂකයන්ගේ ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූස්ථානයේ භටපිරිස් එම විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (මැයි මස 03) දින විද්‍යාල බලධාරින් වෙත භාරදුන්හ.

ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපතිවරයාගේ මඟපෙන්වීම මත විශ්වවිද්‍යාල කණ්ඩායමේ අරමුදල් භාවිතා කරමින් එම පාසල් සිසු සිසුවියන් වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ජල පොම්ප කිරීමේ යන්ත්‍රයක් ද ස්ථාපනය කරන ලදී.

ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ගේ මඟපෙන්වීම මත භටපිරිස් මෙම ව්‍යාපෘතිය නිමකරනු ලැබූහ‍.

මෙහිදී, පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය මට්ටම් ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපති, ආචාර්යවරුන් සහ උපාධි අපේක්‍ෂකයින්, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.