19th May 2023 19:42:41 පැය
මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 551 පාබල බලසේනාවේ භටපිරිස් මැයි මස 15 දින කරවෙඩ්ඩි, රජගාමනින් ශ්‍රී නාරද විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
19th May 2023 19:30:24 පැය
යාපනය වරණි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර මැයි මස 17 දින සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පාසල් බලධාරින් වෙත භාරදෙනු ලැබීය.
18th May 2023 22:37:13 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෝරුපිටිය ග්‍රාම නිලධාරී වසම තුළ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙත පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
18th May 2023 22:36:28 පැය
මාතර දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (16) දින අලුයම වැල්ලතොට ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පිටතට යාමට නොහැකිව තම නිවසේම සිරවී සිටි තුන්හැවිරිදි දැරියකගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් කටයුතු කළහ.
18th May 2023 22:33:41 පැය
මාතර දිස්ත්‍රික්කයේ මුලටියාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බෙරගම (නැගෙනහිර) සහ බෙරගම (බටහිර) ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන්ගේ ඉල්ලීම පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් මැයි 15 සහ 16 දෙදින තුළ සිවිල් වැසියන්ගේ අපිරිසිදු පානීය ජල ළිං තුනක් පිරිසිදු කරන ලදී.
17th May 2023 20:52:14 පැය
52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනාවේ භටපිරිස් සිය ප්‍රජා මුලික ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් පසුගිය සිකුරාදා (මැයි මස 12) දින අච්චුවේලි, උලවික්කුලම් කෝවිල් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත උත්සවයට සමගාමීව එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
17th May 2023 07:02:58 පැය
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන ව්‍යාපෘතියට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර, 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141, 142 සහ 144 පාබල බලසේනා යටතේ රාජකාරියේ නියුතු සියයකට අධික භටපිරිසක් සෞඛ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් සමඟ එක්ව මැයි මස 13 සිට 15 දින දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ ඩෙංගු අවදානමට ලක්විය හැකි ප්‍රදේශ සහ නිවාස සංකීර්ණ පරීක්ෂා කරන ලදී.
17th May 2023 06:38:30 පැය
බම්බලපිටිය සහ මහරගම ශ්‍රී වජිරඥාන දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකරණය මත ඇමරිකාවේ පදිංචි රවි රවීන්ද්‍රන් මහතාගේ පරිත්යාගශිලිත්වයෙන් යාපනය අර්ධද්වීපයේ නාවට්කුලි ලක්දරු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 26 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ වතුර බෝතල් පරිත්‍යාග කරන ලදී.
15th May 2023 18:44:04 පැය
553 පාබල බලසේනාව, 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 10 ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් එක්ව වෙට්ටිලයිකර්නි සිට මුල්ලියාන් දක්වා වූ අබලන් තත්ත්වයේ පැවති මාර්ගය පිළිසර කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.
15th May 2023 18:41:02 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව ගැලවීමේ හමුදාව වෙතින් පාලනය වන රාජගිරිය වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ළමුන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් සහ අතවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2023 මැයි මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.