09th May 2023 20:47:45 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මැයි මස 9 දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ මඩුවන්කුලම් සහ පූනෙයි-ආරු කැළෑවේ අතරමං වූ සිවිල් වැසියන් හතර දෙනෙකු බේරාගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ මෙහෙයුමක් දියත් කර ඔවුන් බේරාගැනීමට කටයුතු කළේය.
08th May 2023 22:53:25 පැය
වෙසක් පුන් පොහෝ දින (05) වෙසක් අසිරිය නැරඹීම සඳහා සංචාරයේ නිරත වැලිකන්ද, මොණරතැන්න, සිංහපුර, මනම්පිටිය සහ බෝවත්ත යන ප්‍රදේශවල සිවිල් වැසියන් 3000 ක් වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් දැවැන්ත දන්සැලක් සංවිධානය කරනු ලැබීය.
08th May 2023 22:44:00 පැය
වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් පසුගිය සෙනසුරාදා (6) දින සඳුන්පුර සරණ වැඩිහිටි නිවාසයේදී පුණ්‍යමය වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
08th May 2023 22:29:56 පැය
ගලේවෙල ප්‍රදේශයේ ප්‍රධාන රෝහල්වල රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් 53 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 167 දෙනෙක්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහ ගලේවෙල ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව මැයි මස 04 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
08th May 2023 22:22:01 පැය
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආර්ථික අපහසුකා මධ්‍යයේ දිවිගෙවන ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් 211 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය සෙනසුරාදා (6) දින එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
08th May 2023 21:57:23 පැය
විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එන්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ භටපිරිස් මැයි මස 5 දින සිට 7 දින දක්වා කාලය තුළ බෝයගනේ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී වර්ණවත් වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වීය.
08th May 2023 21:55:59 පැය
මීගමුව කටුවාපිටිය සහ සෙල්ලකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශවල සිකුරාදා (5) දින ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුකළ මුදවාගැනීමේ මෙහෙයුම්වලින් අනතුරුව 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් ගංවතුර උවදුරෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් 400 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.
08th May 2023 21:50:36 පැය
වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ වෙසක් තොරණ සහ වෙසක් කලාපය ඉදිකිරීම සඳහා 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
07th May 2023 18:54:10 පැය
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් මැයි මස 5 දින ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි විද්‍යාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
07th May 2023 18:51:16 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත මුල්ලේරියාව, අඹතලේ ටිකිරි කුමාර විද්‍යාලයේ සිසු සිසුවියන් 197 දෙනෙකු වෙත පාසල් බෑග්, පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 දින එම පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි.