Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2023 17:45:13 Hours

51 පාබල සේනාංකය ‘වෙසක්’ උත්සවයක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සේනාංකවල සහයෝගය ඇතිව 51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මීගහජඳුරේ සිරිවිමල හිමියන් විසින් පවත්වන ලද ‘බෝධි පූජාවකින්’ අනතුරුව බෞද්ධ වැඩසටහන ආරම්භකරන ලදී.

වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහභාගී වූ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් විසින් එතුමන් පිළිගනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සහභාගීත්වයෙන් විහාරස්ථාන පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශවල ‘වෙසක්’ පහන් කූඩු සහ විදුලි පහන් එලි ක්‍රියාත්මක කරන ලදී. එම අවස්ථාව සඳහා ගරු. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ සිවබාලසුන්දරන්, පොලිස්, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

යාපනය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව භක්ති ගීත ප්‍රසංගයක් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

එම අවස්ථාවේදී සම්භාවනීය ආරාධිතයන් විසින් ‘දන්සැල’ විවෘත කරනු ලැබු අතර එහිදී 3000කට අධික පිරිසක් දන්සල හා සම්බන්ධ වූ අතර, එහිදි භටපිරිස් විසින් පූජකවරුන්ට සහ ගර්භනී කාන්තාවන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙන ලදී.

මෙම වැඩසටහන් මාලාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති බ්‍රිගේඩියර් එස්.ඒ පතිරණ ආර්එස්පී, යාපනය අර්ධද්වීපයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.