15th June 2023 22:53:40 පැය
211 පාබල බලසේනාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම...
15th June 2023 22:40:10 පැය
‘ලෝක සාගර දිනයට’ සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් නන්දිකඩාල් කලපුව අවට කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (10) දින ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන් සහ සිවිල් වැසියන් එක්ව මුලතිව් නන්දිකඩාල් කලපුව අවට මෙම කඩොලාන ශාක වගා කිරීමේ වැඩසටහන සඳහා එක්වූහ.
14th June 2023 18:40:38 පැය
ලෝක පරිසර දිනයට සමගාමීව 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 23 ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (5) දින මුහමාලේ ප්‍රදේශයේ ඒ 9 මාර්ගය දෙපස පොල් පැළ රෝපණය කළහ.
14th June 2023 18:10:23 පැය
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් පරිදි 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (ජුනි 05) දින ගාලු වරාය ආශ්‍රිතව ‘ඩෙංගු’ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනකට සම්බන්ධ වූහ.
12th June 2023 18:56:36 පැය
මන්නාරම රෝහලේ වෛද්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 54 පාබල සේනාංකයේ භටපිරිස් එම රෝහලේ ප්‍රතිකාර ලබන අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ජුනි මස 9) දින මන්නාරම නගර ශාලාවේදී පැවැත්විය.
12th June 2023 18:53:36 පැය
ලෝක පරිසර දිනයට සමගාමීව 64 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 642 පාබල බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (ජුනි මස 6) දින කිලිනොච්චිය ශිවම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
12th June 2023 18:50:36 පැය
පොසොන් පොහොය නිමිත්තෙන් 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (ජුනි මස 03) දින මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක ආපනශාලා පරිශ්‍රයේදී සිවිල් වැසියන් වෙනුවෙන් සිසිල් පැන් දන්සලක් පැවැත්වීය.
12th June 2023 18:49:36 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය (ජුනි මස 03) නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
12th June 2023 18:43:36 පැය
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත 1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයේ භටපිරිස් ජුනි මස 03 සහ 04 දෙදින තුළ දඹුල්ල නගරයේදී පොසොන් කලාපයක් පවත්වන ලදී. මෙම පොසොන් කලාපය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. මෙම පොසොන් කලාපය තුළ එම ප්‍රදේශයේ බැතිමතුන්ගේ ආකර්ශණයට ලක් වූ වර්ණවත් පොසොන් පහන් කූඩු ප්‍රදර්ශණය කෙරුණු අතර එහිදී දන්සැල් කිහිපයක් ද පැවැත්විණි.
11th June 2023 20:12:55 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවට අයත් 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය (ජුනි මස 03) නිමිත්තෙන් මලයාලපුරම් ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරු පරිශ්‍රය ඉදිරිපිට බත් දන්සැලක් පැවැත්වීය.