06th June 2023 17:21:50 පැය
පොසොන් උත්සවය නිමිත්තෙන් 65 පාබල සේනාංකයට අයත් 651 පාබල බලසේනාව පසුගිය සෙනසුරාදා (ජූනි 03) කිලිනොච්චියේ මුලන්කාවිල්හිදී 1600 පැයේ සිට 1800 පැය දක්වා ‘රොටි’ ‘දන්සැලක්’ සංවිධානය කරන ලදී.
06th June 2023 17:19:50 පැය
‘පොසොන්’ පොහොය දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 පාබල සේනාංකයට අයත් 653 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (03) දින මඩු ප්‍රදේශයේ දන්සැලක් පවත්වන ලදී. 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 653 පාබල බලසේනාවේ බලසේනාධිපති ලබා දුන් උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
05th June 2023 20:05:07 පැය
පොසොන් පොහොය දිනයේ වැදගත්කම සිහිපත් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘තායිවානි ථෙරවාදී සමාධි බෞද්ධ සංවිධානයේ’ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටනක් පසුගිය සෙනසුරාදා (03) දිනට යෙදී තිබූ පොසොන් පොහොයදා ක්‍රියාත්මක කරනු ලැබීය.
05th June 2023 19:42:03 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 පාබල සේනාංකයේ 17 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් මූලිකත්වයෙන් තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික රජයේ දමිළ මිශ්‍ර පාසලේ ක්‍රීඩා පිටිය සහ වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ අත්පන්දු ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් එම පාසල් බලධාරීන්ගේ ඉල්ලීම මත ක්‍රියාත්මක කරනු ලැබීය.
05th June 2023 19:32:45 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 පාබල සේනාංකයට අයත් 663 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 (සෙව්) ගජබා රෙජිමේන්තු භටපිරිස් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා පුනරීන්, මුලන්කාවිල් හන්දිය අසල පසුගිය සෙනසුරාදා (03) දින දන්සැලක් පවත්වන ලදී.
05th June 2023 19:26:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය කල්ලරාව ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයේ සහ සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුසිසුවින් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය මැයි මස 29 (සදුදා) දින පවත්වනු ලැබීය.
05th June 2023 19:22:32 පැය
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතන, සිවිල් සමාජය සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (03) දින ‘පොසොන්’ පොහොය දිනය වෙනුවෙන් පොසොන් කලාපයක් සංවිධානය කරනු ලැබීය.
30th May 2023 22:00:24 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 142 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 ශ්‍රී ලංකා ඩ්‍රෝන රෙජිමේන්තුව සේවයේ නියුුතු නිලධාරීන් 2 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කෝට්ටේ ගිනි නිවන ඒකකය සමඟ එක්ව අද (30) පෙරවරුවේ මීගොඩ පෞද්ගලික ගෘහභාණ්ඩ අලෙවිසැලක හටගත් හදිසි ගින්නක් නිවා දැමීමට අවශ්‍ය පියවර ගත්හ.
30th May 2023 21:38:31 පැය
14 පාබල සේනාංකයේ 142 පාබල බලසේනාවේ භටපිරිස් පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් සහ අනෙකුත් ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව මැයි මස 12 සිට 26 දක්වා කාලය තුළ පිළියන්දල, මහරගම, කොළඹ 3 සහ තවත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහනක් කිහිපයක් දියත් කරන ලදී.
30th May 2023 21:33:03 පැය
වාර්ෂිකව කතරගම ‘පාද යාත්‍රාවේ’ නිරත බැතිමතුන් 80 කට ආසන්න පිරිසක් පසුගිය ඉරිදා (7) දින මුලතිව් වට්ටප්පලෙයි, වට්ටප්පලෙයි කන්නගී අම්මාන් කෝවිල වෙත පැමිණියහ.