10th June 2023 17:38:30 පැය
221 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ මඟපෙන්වීම සහ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය, විල්ගමුව විද්‍යාලයේ සිසුන් 70 දෙනෙකු වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් මැයි මස 31 දින පැවැත්වීය.
10th June 2023 17:36:21 පැය
ජුනි මස 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 47 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
09th June 2023 19:19:49 පැය
හඟුරන්කෙත දිඹුල්කුඹුර විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 17 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සිය තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රාහකත්වය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී සරණංකර විමලදම්මාභිධාන ස්වාමීන් වහන්සේ විසින් ලබාදෙන ලදී.
09th June 2023 19:17:36 පැය
1 බලකාය යටතේ ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 පාබල සේනාංක බලප්‍රදේශයේ ඉදිකරන ලද වායු රයිෆල් වෙඩිපිටිය සහ ප්‍රදේශවාසීන්ගේ අභිවෘද්ධිය සඳහා ඉදිකළ ළමා උද්‍යානය පසුගිය අඟහරුවාදා (මැයි මස 30) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
09th June 2023 18:43:08 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් වැලිකන්ද ප්‍රදේශයේ බැතිමතුන් වෙනුවෙන් පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී (ජුනි මස 03) කොස් සහ මඤ්ඤොක්කා දන්සැලක් පැවැත්වීය.
08th June 2023 20:21:39 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ධනුෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී අධීක්ෂණය යටතේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (03) දින ‘Silver Bugles’ ආපනශාලා පරිශ්‍රයේ දී දන්සැලක් පවත්වන ලදී.
08th June 2023 20:16:15 පැය
පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 61 සහ 14 පාබල සේනාංක බලප්‍රදේශයන්හී භටපිරිස් විසින් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීම සඳහා සිය දායකත්වය දක්වන ලදී.
08th June 2023 20:13:55 පැය
පූජනීය ‘පොසොන්’ පොහොය දිනය සනිටුහන් කරමින් 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (3) දින යාපනය අර්ධද්වීපයේ කඩ්ඩෙයිකාඩු ප්‍රදේශය අවට සිවිල් වැසියන් 1500 කට අධික පිරිසකට තේපැන් සමග බනිස් දන්සලක් පවත්වන ලදී.
08th June 2023 20:11:31 පැය
පොසොන් පොහොය නිමිත්තෙන් 593 පාබල බලසේනාව යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස් එක්ව පසුගිය සෙනසුරාදා (03) දින කොහොඹගස් හන්දිය අසල සිසිල් බීම දන්සැලක් පවත්වන ලදී. වැඩසටහන සඳහා 593 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.පී.සී. ආරච්චිගේ, 19 ගැමුණු හේවා බලඇණීයේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.
08th June 2023 11:05:55 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් 68 පාබල සේනාංකයේ භටපිරිස් පොසොන් පොහොය දිනය නිමිත්තෙන් (ජුනි 03 සහ 04) පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ‘බත්‘ දන්සලක් සංවිධානය කරන ලදි. එම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් සහභාගී වූහ.