Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2023 18:10:23 Hours

14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ගාල්ල ප්‍රදේශයේ ඩෙංගු මර්ධනය වැඩසටහනකට දායකත්වය දක්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් පරිදි 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (ජුනි 05) දින ගාලු වරාය ආශ්‍රිතව ‘ඩෙංගු’ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනකට සම්බන්ධ වූහ.

මෙම ශ්‍රමදානමය වැඩසටහන සඳහා වරාය සේවකයින්, බෝට්ටු හිමිකරුවන්, ධීවර පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සහ වෙරළාරක්ෂකයින් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් පිරිසක් සහභාගී වූහ. ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට සමගාමීව ගාලු වරාය පරිශ්‍රයෙන් මෙම ඒකාබද්ධ ශ්‍රමදානමය වැඩසටහන ආරම්භ කරනු ලැබු අතර ඒ සදහා සිවිල් සංවිධානවල ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ.

ශ්‍රමදාන වැඩමටහන සඳහා සහභාගී වූ පිරිස මෙම ව්‍යාපෘතියට සමගාමීව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ වරාය පරිශ්‍රයේ අවට ප්‍රදේශ ද පිරිසිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය තුලින් ගාලු වරාය අවට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට හැකිවිය.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතියේ සාර්ථක කරගැනීමට හැකිවිය.